බිරිඳ, දරුවන් පුදුම කරන්න ලංකාවට ආව සැමියෙකුට වෙච්ච කරදරයක් ගැනයි මේ කතාවයි.
නෝනයි දරුවනුයි පුදුම කරවන්න නොකියාම රට ඉඳන් ආ අයකුට පුදුම වෙන්න සිදුවූ අපූරු සිදුවීමක් ගැනයි මේ කතාව.
ආර්ථික අහේනියෙන් මිදෙන්න රට තිදරු පියෙක්. භාර්යාව දරු තිදෙනා හොඳින් රැකබලා ගත්තා. සැමියා රට ඉඳන් එවන මුදල් ඇය අරපිරිමැස්මෙන් වියපැහැදම් කළා. ඒ නිසාම නිවස වටේ තාප්පයක් බැඳ ගේට්ටුවක්ද දමා ගැනීමට මේ කත සමත්වූවා.
මේ සම්බන්ධයෙන් විදෙස්ගත සැමියා සිටියේ කියාගන්න බැරි තරම් සතුටින්. මීට සමගාමීව ඇය දරු තිදෙනාටම හොඳින් ඉගැන්නුවා. මේ ගැන සිත සිතා සතුටින් සිටි ඔහු වසර කිහිපයක්ම එක දිගට ඒ රටේම සිටියා. සිය රටට යාමට කෙටි නිවාඩුවක් ලැබුණේ මේ අතරයි.
තමාට ලංකාවට යෑමට ලැබුණු කෙටි නිවාඩුව ගැන ඔහු සිය භාර්යාව ඇතුළු දූදරුවන්ට නොදැන්වීමට වග බලා ගත්තා. ඒ නිවැසියන් පුදුම කරවන්නටයි.
ඒ අනුව ඔහු ලංකාවට ආවා. ඒ රෑබෝවීයි. නිවසේ ගේට්ටුව වසා තිබුණා.
වාහනයෙන් බැස ඔහු ගේට්ටුව ඇරියා. ඒ සමගම මහ හඩින් බුරා ගෙන පැමිණි බලු තඩියෙක් ඔහුව බිම පෙරළාගෙන හපාගෙන හපාගෙන ගියා. මේ ශබ්දයට භාර්යාව දරු තිදෙනා සමග මිදුලට පැමිණියා.
දෙයියනේ මේ තමාගේ සැමියානේ. බල්ලා අල්ලා ගන්නා විටත් බලු තඩියා ඔහුගේ කිහිප පොළක්ම සපා කා තිබුණි. "මොකද කියන්නේ නැතිව ආවේ" යයි භාර්යාව ඔහුගෙන් විමසූවිට ඔහු කීවේ "ගෙදර අය පුදුම කරන්නට" මෙසේ පැමිණි බවය.
"අපිත් මේ බල්ලා ඔයාට හොරෙන් ගෙනැල්ලා ඇති කරේ ඔයාව පුදුම කරවන්න" යයි ඇය කීවේ සිනාසෙමින්.
අම්මලා තාත්තලාගේ පුදුම කිරීමෙන් වූ අලකලංචියෙන් දරුවන් ඇතුළු නෑයන් බඩ අල්ලාගෙන සිනාසුනා ලු.